කොළඹ, ගම්පහ හා කළුතර දිස්ත්‍රික්කවල සමස්ථ මැතිවරණ ප්‍රතිඵලවලට අනුව බස්නාහිර පළාත් සභාව විශිෂ්ඨ අයුරින් ජය ගැනීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය සමත්ව ඇත.කොළඹ දිස්ත්‍රික්කයේ සමස්ථ ප්‍රතිඵලයට අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානය ඡන්ද 530,370 ක් ලබා ගනිමින් ආසන 25ක් ජයගෙන ඇති අතර එක්සත් ජාතික පක්ෂය 327,571 ලබාගෙන මන්ත්‍රීධූර 15කට හිමිකම් කියයි.
ඡන්ද 21787 ක් ලබාගෙන ජනතා විමුක්ති පෙරමුණ එක් ආසනයක්ද, ඡන්ද 18978 ලබා ගත් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය එක් ආසනයක් හා ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් සන්ධානය ඡන්ද 8584 ලබා ගනිමින් එක් ආසනයකටද හිමිකම් කියයි.
ගම්පහ දිස්ත්‍රික්කයේ සමස්ථ මැතිවරණ ප්‍රතිඵලයට අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානය ඡන්ද 624,530ක් ලබා ගනිමින් ආසන 27ක් ජයගෙන ඇති අතර එක්සත් ජාතික පක්ෂය ඡන්ද 236,256 ලබා ගනිමින් ආසන 10 ක් හිමිකරගෙන තිබේ.
ජනතා විමුක්ති පෙරමුණට ලබා ගැනීමට හැකිව ඇත්තේ ඡන්ද 21,490 කි. ඒ අනුව ඔවුන්ට එක් මන්ත්‍රීධූරයක් හිමිවනු ඇත. ඡන්ද 180,14ක් ලබාගත් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය එක් ආසනයක් හිමිකරගැනීමට සමත් විය.
කළුතර දිස්ත්‍රික්කයේ සමස්ථ ප්‍රතිඵලයට අනුව ඡන්ද 351,215ක් ලබා ගනිමින් එක්සත් ජනතා නිදහස් සන්ධානය කළුතර දිස්ත්‍රික්කය ජයගෙන ඇති අතර ඔවුන්ට මන්ත්‍රීධූර 14ක් හිමිව ඇත.

