skip to main |
skip to sidebar
දෙමළ වැසියන් කැරැල්ලකට සූදානම්!
යුද මුක්ත කලාපයේ කොටි ත‍්‍රස්තවාදීන් විසින් බලහත්කාරයෙන් රඳවා ගෙන සිටින දෙමළ ජනතාව වෙතින් එල්.ටී.ටී.ඊ. යට එරෙහි කැරළිකාරී තත්ත්වයක් වර්ධනය වෙමින් පවතින බැව් බුද්ධි අංශ තොරතුරු උපුටා දක්වන ජ්‍යෙෂ්ඨ ආරක්ෂක අංශ ප‍්‍රකාශකයෙක් ‘සිළුමිණ’ ට කීය. තම දරුවන් රැගෙන හමුදාව වෙත බාරවීමට යෑමට ඉඩ දෙන ලෙසට බල කැරෙන ජනමතයක් දැන් යුද මුක්ත කලාපයේ තදින් පැතිර යමින් තිබෙන අතර ඉකුත් දා කොටි ත‍්‍රස්තවාදීන් සහ දෙමළ ජනතාව අතර වූ ගැටුම්කාරී සිදුවීම් කිහිපයක් ද වාර්තා විය. එක් අවස්ථාවකදී කොටි සාමාජිකයන්ට අත් පා කැඩෙන්නට පහර දී පන්නා ගත් අවස්ථාවක් ද වාර්තා විය.