වගකිව යුතු රජයක් ලෙස ජනතාවට ලබා දිය හැකි හැම සහනයක්ම රජය ලබා දුන් බව වෙළඳ හා පාරිභෝගික සේවා අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.
මෙවර සිංහල, හින්දු අලුත් අවුරුදු සමය වෙනුවෙන් භාණ්ඩ රැසක මිල පහත දැමීමට ක්‍රියා කළ බව සඳහන් කරමින් ඊයේ (10) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වූ ඇමතිවරයා මේ බව සඳහන් කර සිටියේය.
ගෑස්, පරිප්පු, සීනි, පොල්තෙල්, සහල්, එළවළු ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය රැසක මිල ජනතාවට දැනෙන අයුරින් අඩු කිරීමට රජයට හැකි වූ බවද ඇමතිවරයා මෙහිදී කියා සිටියේය.
සැබෑම විවෘත ආර්ථිකය ක්‍රියාවට නංවමින් පුද්ගලික අංශය, සමූපකාර අංශය හා රාජ්‍ය අංශ යන ත්‍රිත්වයම ක්‍රියාත්මක කරමින් ආර්ථිකය ශක්තිමත්ව පවත්වාගෙන යාමට රජය කටයුතු කර තිබෙන බවත් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මෙහිදී අවධාරණය කළේය.