මුලතිව් පුදුකුඩිඉරුප්පු ප්‍රදේශය සම්පූර්ණයෙන්ම කොටි ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයෙන් මුදා ගැනීමට ආරක්ෂක හමුදා සමත්වී ඇති අතර මේ වන විට එම ප්‍රදේශය පුරා සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක වෙමින් පවතින බව ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය පවසයි.
මියගිය කොටි සාමාජිකයින් 250කගේ සිරුරු සොයා ගැනීමට යුද හමුදාව සමත්ව ඇති අතර මියගිය අය අතර දීපන්, දුර්ගා, විදූෂා, නාගේෂ් යන කොටි නායකයින්ගේ මළ සිරුරු ඇති බව හඳුනාගෙන තිබේ.
කොටි නායක ප්‍රභාකරන්ගේ පෞද්ගලික ආරක්ෂකයා වන ගඩාෆිගේ මළ සිරුරද යුද හමුදාව සොයාගෙන ඇති බව මාධ්‍ය මධ්‍යස්ථානය සඳහන් කරයි.
ඒසේම ජ්‍යෙෂ්ඨ කොටි නායකයෙකු වන භානු නැමැත්තා හමුදා ප්‍රහාර හමුවේ තුවාල ලබා ඇතිබව තහවුරුවී ඇතැයි හමුදාව පවසයි.
මේ අතර ඊයේ ( 04 ) දිනය පුරා යුද හමුදාවේ 53 වන හා 58 වන සේනාංකවල සෙබළුන් පුදුකුඩිඉරුප්පු ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුම්වලින් කොටි සාමාජිකයින් සියයකට ආසන්න පිරිසකගේ මළ සිරුරු සොයා ගැනීමට සමත් විය.