Thursday, April 16, 2009

කොටි තහනම ඉවත් නොකරන බව කැනඩාව අවධාරණය කරයි


කැනඩාව ශ්‍රී ලංකාවේ ගැටුම් විසඳීමට උපරිමයෙන් ක්‍රියා කරන නමුත් එරට තුල එල්. ටී. ටී. ඊ. තහනම කිසි ලෙසකින්වත් ඉවත් නොකරනු ලබන බවට පෙඩරල් පක්ෂයේ කැබිනටි අමාත්‍යවරයකු වන ජේසන් කෙනරි ප්‍රකාශ කරයි.සතියක පමණ කාලයක සිට එල්. ටී. ටී. ඊ. හිතවාදීන් එරට පාර්ලිමේන්තුව අසල සිට දකුණු ආසියානු රටවල පවතින යුදමය වාතාවරණය‍ට විරුද්ධව මැදිහත්වන ලෙස ඉල්ලා සිටියි. ඇමති ජේසන් කෙනරි වාර්තාකරුවන් හමුවේ කියා සිටියේ මෙම පුද්ගලයන්ගේ සියළුම ඉල්ලීම් ලබාදීමට ඔවුන් කටයුතු කර ඇති බවත්, නමුත් තහනම් කරන ලද සංවිධානයක තහනම ඉවත් කිරිමට කටයුතු නොකරන බවත්ය.