Saturday, April 11, 2009

එල්.ටී.ටී.ඊ. ඉලක්ක කිහිපයකට ප්‍රහාර

අම්පලාවන්පොක්කනෙයි බටහිර ප්‍රදේශයේ මෙහෙයුම්වල නිරත යුද හමුදාවේ 58 වන සේනාංකය එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් ස්ථානගත වී සිටින ඉලක්ක කිහිපයකට පහරදී තිබේ.
යුද මුක්ත කලාපයේ සිර වී සිටින සිවිල් වැසියන්ට එල්.ටී.ටී.ඊ. ග්‍රහණයෙන් මිදී මුදා ගත් ප්‍රදේශ වෙත පැමිණීමට වඩාත් ඉඩකඩ සැලසීම මෙහි අරමුණ බව ආරක්ෂක අමාත්‍යංශ වෙබ් අඩවියෙහි දැක් වේ.

ප්‍රදේශයේ ගැටුම්වලින් අනතුරුව ආරක්ෂක හමුදා එල්.ටී.ටී.ඊ. සාමාජිකයින්ගේ මළ සිරුරු 9ක් සොයා ගෙන තිබේ.

ආරක්ෂක අමාත්‍යංශ වෙබ් අඩවිය පවසන්නේ, යුද හමුදාව එල්ල කළ ස්නයිපර් ප්‍රහාරවලින් තවත් ආයුධ සන්නද්ධ එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවය.