අප්‍රේල් 12 - සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද සමරන කාලය තුළ මෙහෙයුම් කටයුතු ආරක්ෂිත මෙහෙයුම්වලට පමණක් සීමා කරන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රජයේ හමුදාවන්ට නියම කර තිබේ.
ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වුණේ, දැනට එල්.ටී.ටී.ඊ.යේ බිහිසුණු ක්‍රියාකාරිත්වය නිසා දැඩි පීඩනයට යටත්ව මානුෂික ප්‍රාණඇපකරුවන් වශයෙන් කොටු වී සිටින ජනතාවට සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද සුදුසු අන්දමින් සැමරීමට අවස්ථාව දීම මෙහි අරමුණ බවය.
එමෙන්ම යුද මුක්ත කලාපයේ සිට මුදා ගත් ප්‍රදේශවලට යාමට ඔවුන්ට අවකාශ සැලසීමේ අවශ්‍යතාවත් ජනාධිපතිවරයාගේ දැඩි අවධානයට යොමුව ඇති බව එහි දැක්වේ.

