පිටරට සිටින ශ්‍රී ලාංකික ද්‍රවිඩ ජාතිකයින්ගේ කණ්ඩායමේ සාමාජිකාවක වන රාජේශ්වරී බාලසුබ්‍රමනියම් මහත්මිය පසුගියදා අයිලන්ඩ් පුවත්පතට කියා සිටියේ ද්‍රවිඩ ජාතිකයන්ගේ එක ම නියෝජිතයා ලෙස හඳුන්වාගන්නා එල්ටීටීඊ සංවිධානය මෙරට වන්නි ප්‍රදේශයේ ජීවත්වන ද්‍රවිඩ ජනතාවගේ ජීවිත විනාශ කරන බවයි.
මෙම කණ්ඩායම පසුගියදා සිය අදහස් විදේශ අමාත්‍යාශ නිලධාරීන් සමග ප්‍රකාශ කළේය. බාලසුබ්‍රමනියම් මහත්මිය ලන්ඩන් නුවර සිට පැමිණ මෙම කණ්ඩායමට එක්විය.
ඇය පැවසූවේ රජය විසින් වවුනියාවේ පවත්වාගෙන යනු ලබන සුභසාධක මධ්‍යස්ථාන දකුණු ඉන්දියාවේ ඇති එවැනි කඳවුරුවලට වඩා හොඳින් පවත්වාගෙන යන බවත්, එසේ නොවන බවට ත්‍රස්තවාදින් විසින් කරනු ලබන ප්‍රකාශ සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත්ය.
තැන් තැන්වල විසිරී සිටින දෙමළ ජනතාවගේ නියෝජිතයින් පිරිසක්ද ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක පාර්ලිමේන්තු මන්ත්‍රි බැසිල් රාජපක්ෂ වෙත එම සුභසාධක මධ්‍යස්ථානවල සිටින ජනතාවගේ ජීවන මට්ටම වැඩි දියුණු කිරීම සඳහා අවශ්‍ය යෝජනා කීපයක්ම කර තිබෙන බවද ඇය එහිදී පැවසුවාය.

