ත්‍රස්ත උවදුරෙන් රට මුදා ගැනීමේ මානුෂීය මෙහෙයුමේ නිරත රණවිරුවන් උදෙසා සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් රස කැවිලි පරිත්‍යාග කිරීමේ ජාතික වැඩසටහන හොරණ, මිල්ලෑව, මොරගහහේන ශ්‍රී පූර්වාරාම බෞද්ධ සංවර්ධන පදනම විසින් 18වන වරටත් සංවිධානය කර තිබේ.මව්බිමේ සාමය, සහයෝගීතාවය ගොඩනැංවීම වෙනුවෙන් දිවිහිමියෙන් සටන් වැදී සිටින රණවිරුවනගේ චිත්ත ධෛර්ය නැංවීම සඳහා මෙන්ම ජනතාවගේ ගෞරවාදරය පිරිනැමීම සංකේතවත් කරමින් ශ්‍රී පූර්වාරාම බෞද්ධ සංවර්ධන පදනම මෙම වැඩපිළිවෙල ක්‍රියාවට නංවයි.
ඒ අනුව කැවුම්, කොකිස්, අතිරස, පැණිවළලු, මුං කැවුම් ආදී රස කැවිලි වර්ග රාශියකින් සමන්විත කැවිලි ලක්‍ෂයකට අධික ප්‍රමාණයක් රණවිරුවන් උදෙසා පිරිනැමීමට නියමිතය.

