ගම්පහ, වේයන්ගොඩ, කලගෙඩිහේන ප්‍රදේශයේදී ජනතා විමුක්ති පෙරමුණු ආධාරකරුවන් පිරිසකට අද අළුයම එල්ලවූ වෙඩි ප්‍රහාරයකින් එක් අයෙකු ජීවිතක්ෂයට පත්විය.
ප්‍රහාරයෙන් තවත් අයෙකු තුවාල ලබා තිබේ.
ජනතා විමුක්ති පෙරමුණු ආධාරකරුවන් පිරිස වෑන් රථයකින් පැමිණෙමින් සිටින අවස්ථාවේ වේයන්ගොඩ, නයිවල මාර්ගයේදී කිසියම් පිරිසක් ඔවුන්ට තර්ජනය කර ඇතැයි පොලිසිය පැවසීය.

