Monday, April 6, 2009

සාමාන්‍ය ජනතාව යුද මුක්ත කලාපයෙන් මිදී පැන එයි

පුදුකුඩුඉරිප්පු සම්පූර්ණයෙන් මුදා ගැනීමත් සමඟ ම යුද මුක්ත කලාපයේ සිට පලා එන ජනතාව සීග්‍රයෙන් ඉහළ යන බව වන්නියෙන් ලැබෙන නවත ම තොරතුරුවලින් හෙළි වේ.
අද (05) පස්වරුවේ පැයකිහිපයක් තුළ 500කට අධික පිරිසක් ආරක්ෂක අංශ වෙත පැමිණ තිබේ. යුද මුක්ත කලාපය වටලා සිටින සියලු ම හමුදා සේනාංක පලා එන ජනතාවට අවශ්‍ය රැකවරණය සහ පහසුකම් සැලසීමට සියලු පියවර ගෙන තිබේ.

මේ අතර ඊයේ ආරක්ෂක අංශ වෙත භාර වී ඇති සාමාන්‍ය වැසියන් සංඛ්‍යාව 500 ඉක්ම වා ඇත. පුල්මුඬේ ප‍්‍රදේශයේදී නාවික හමුදාවට අයත් ග‍්‍රීන් ඕෂන් නෞකාව වෙත 497 දෙනෙක් පැමිණ භාර වී තිබේ.