පක්ෂ, පාට, වර්ග භේදයකින් තොරව රටේ ජනතාව ලබාදුන් ශක්තිය හේතුවෙන් මාතෘ භූමිය ත්‍රස්තවාදයෙන් මුදාගෙන ඊලාම් සිතියම බෝඩ් ලෑලි හා කොළ කෑලිවලට පමණක් සීමා කිරීමට හැකි වී ඇති බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රබල එක්සත් ජාතික පක්ෂ ආධාර කරුවන් රැසක් මෙහිදී ජනාධිපතිතුමන්ගේ වැඩපිළිවෙලට සහය පළ කරමින් අරලියගහ මන්දිරය වෙත පැමිණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය ලබා ගත් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි. රජයේ මානුෂීය මෙහෙයුමට එරෙහිව කෙතරම් අසත්‍ය ප්‍රචාර ගෙන ගියද ජාත්‍යන්තර බලපෑම් හා කුමන්ත්‍රණ කොපමණ පැමිණියද ඒවා සියල්ල මේ වන විට ජයගෙන ඇති බව ජනපතිතුමන් පැවසීය.

