අප්‍රේල් 03 - මුලතිව්, පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේදී හමුදා ප්‍රහාරවලින් මිය ගිය එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් 31 දෙනෙකුගේ සිරුරු ආරක්ෂක අංශ විසින් සොයා ගනු ලැබ තිබේ.
ආරක්ෂක අමාත්‍යංශ වෙබ් අඩවිය පවසන්නේ, ආරක්ෂක අංශ ඊයේ එල්.ටී.ටී.ඊ. අවසන් බලකොටුව වන පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ ඉලක්ක විනාශ කළ බවය.
පසුව කළ සෝදිසි මෙහෙයුම්වලදී මිය ගිය එල්.ටී.ටී.ඊ. සාමාජිකයින්ගේ මළ සිරුරු, ටී - 56 ගිනි අවි 50ක්, ග්‍රෙනේඩ් විදින 2ක්, මැෂින් තුවක්කු 2ක් හා සන්නිවේදන උපකරණ රැසක් ද ආරක්ෂක අංශ විසින් සොයා ගනු ලැබීය.
මෙහිදී, වෙඩි නොවදින ලෙස සැකසූ ට්‍රක් රථයක් හා අධිවේගී බෝට්ටුවක් ද සොයා ගනු ලැබ තිබේ.

