
කිලෝ ග්‍රෑම් 3500ත් බරැති පොටෑසියම් ක්ලෝරයිඩ් නම් රසායනික ද්‍රව්‍ය තොගයක් වව්නියාව ඕලුමඩු ප්‍රදේශයේදී යුද හමුදාව සොයා ගැනීමට සමත්වී ඇත. අධි බලැති සී 4 වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය හා විශාල හානියක් සිදු කළ හැකි බෝම්බ නිෂ්පාදනය කිරීම සඳහා මෙම රසායනික ද්‍රව්‍ය යොදා ගන්නා බව යුද හමුදා වෙබ් අඩවිය පවසයි. කිලෝ ග්‍රෑම් 50 බැගින් වූ බෑග් 70ක් කන්ටේනරයක් තුළ බහා එම කන්ටේනරය වළ දමා තිබියදී හමුදාව මෙය සොයා ගෙන තිබේ.

