Sunday, April 12, 2009

සිවිල් වැසියන් 600 ක් රජයේ පාලන ප්‍රදේශවලට: හමුදාව ත්‍රස්ත බාධක ඉවත්කිරීමේ මෙහෙයුම්වල

අම්පලාවන්පොක්කානෙයි ප්‍රදේශයට බටහිර දෙසින් සිටින 58 සේනාංකයේ භට පිරිස් විසින් ඊයේ (අ‍ප්‍රේල් 10) ත්‍රස්තවාදීන් සිටි ස්ථාන කීපයකට පහරදී ඇත. මෙහි ප්‍රහාරයන් වල අරමුණ වූයේ යුධ මුක්ත කළාපයේ හිරකරගෙන සිටින සිවිල් වැසියන් රජයේ පාලන ප්‍රදේශවලට ගැනීමය.

ගැටුම් වලින් අනතුරුව භට පිරිස් විසින් ත්‍රස්ත මළ සිරුරු 9 ක් ,ටී-56 තුවක්කු 22 ක් , ආර්.පී.ජී විදින 1 ක්, පිස්තෝලයක්, සංනිවේදන උපකරන කට්ටල 3 ක් සහ ටී -56 අවි සදහා භාවිතා කරන උණ්ඩ 25000 ක්ද සොයාගන්නා ලදී. ඵමේනම ඉදිරි පෙළ සිටින ඉලක්ක වෙඩිකරුවන් විසින් සන්නද්ධ ත්‍රස්තවාදීන් 15කට සාර්ථක ප්‍රහාර එල්ල කරන ලදී.

මේ අතර ඊයේ දිවා කාලයේදී සිවිල් වැසියන් 606 දෙනකු ආරක්ෂාව පතා 58 සේනාංකයේ සේනාංකය වෙත පැමිණ ඇත. එම පිරිස අතර පිරිමින් 173, කාන්තාවන් 112 ක් සහ ළමුන් 321 ක් ද වූහ. ඔවුනට අවශ්‍ය ආහාර හා අනෙකුත් බෙහෙත් ද්‍රව්‍ය ලබාදීමෙන් පසුව ඔවුන්ව කිලිනොච්චියේ ඇති සුභසාධක මධ්‍යස්ථාන වෙත යොමුකරන ලදී.

යුධ මුක්ත කළාපයේ බටහිර දෙසින් සිටින 53 සේනාංකයේ භට පිරිස් විසින් ඊයේ ඔවුන්ගේ ඉදිරි සීමාවන් මුලතිව්හි ඒ-35 මාර්ගය දෙසට (පරන්කන්-මුලතිව්) පුලුල් කරගත්අතර නැන්තිකඩල් කළපුවේ උතුරු ඉවුර ප්‍රදේශයේ කොටසක්ද ඔවුන් විසින් අත්පත් කරගන්නා ලදී. ඊයේ පැවති සටන් වලින් අනතුරුව භටපිරිස් විසින් ත්‍රස්ත මළ සිරුරු 4 ක්, ටී-56 අවි 13 ක් සහ එම්.පි.එම්.ජී අවියක් ද සොයාගන්නා ලදී.