ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ලිබියා සංචාරයේදී ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 500ක ආධාර ලබා දීමට ලිබියා රජය එකඟවී ඇති බව ජනාධිපති ලේකම් කාර්යාලය පවසයි.
ලිබියානු රාජ්‍යය නායක මුවම්මර් අල් ගඩාෆි මහතා මෙරට සංවර්ධන කටයුතුවලට එරට සහය දෙන බවත් උතුරුනැඟෙනහිර යටිතල පහසුකම් යළි ගොඩනැංවීමේ මෙහෙවරට දායකවන බවත් පවසා තිබේ.
මේ අනුව ලිබියාවෙන් හම්බන්තොට නව ගුවන් තොටුපොළ ඉදිකිරීමේ ව්‍යාපෘතියට සහය දීමටද මෙරට යෝජිත සංවර්ධන ව්‍යාපෘතිවලට මුල්‍යමය සහයෝගය දීමට ද කැමැත්ත පළ කර ඇත.

