Saturday, April 4, 2009

කොටි මළ සිරුරු 45ක් යුද හමුදාව සොයාගනී


මුලතිව්හි ප්‍රදේශ කිහිපයක කොටි ත්‍රස්තවාදීන් ඉලක්ක කර ගනිමින් ඊයේ ( 03 ) දිනය පුරා යුද හමුදාව ප්‍රහාර එල්ල කිරීමෙන් අනතුරුව සිදු කළ සෝදිසි මෙහෙයුම්වලින් මියගිය කොටි සාමාජිකයින් 45 දෙනෙකුගේ මළ සිරුරු හමුවී ඇත.
ඊයේ උදෑසන 06.00 සිට සවස 06.00 දක්වා යුද හමුදාවේ 58 වන සේනාංකය සිදු කළ සෝදිසි මෙහෙයුමකදී කොටි සාමාජිකයින් 40 දෙනෙකුගේ මළ සිරුරු සොයා ගෙන ඇති බව ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය පවසයි.
ක්ලේමෝ බෝම්බ 10ක්, පුද්ගල නාශක බෝම්බ 15ක්, ටී.56 ගිනි අවි 60ක්, ආර්.පී.ජී අවි 04ක්, සන්නිවේදන උපකරණ 02ක්, මි.මි 60 වර්ගයේ මෝටාර් අවියක් හා බැක් පැක් 28ක්ද යුද හමුදාව මෙහිදී සොයාගෙන ඇත.
එසේම යුද හමුදාවේ 53 වන සේනාංකය සිදු කළ සෝදිසි මෙහෙයුමකින් කොටි සාමාජිකයින් 05 දෙනෙකුගේ මළ සිරුරු හා කොටි ත්‍රස්තවාදීන්ගේ අවි ආයුධ රැසක් සොයා ගෙන ඇති බව මාධ්‍ය මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කරයි.