Friday, April 3, 2009
කොටි පුපුරණ ද්‍රව්‍ය විශේෂඥයෙකු ඇතුළු තවත් කොටි 13ක් මරුට
පොලිස් විශේෂ කාර්ය බළකායේ සෙබළුන් විසින් අද ( 03 ) උදෑසන අම්පාර ලාහුගල ප්‍රදේශයේදී කොටි ත්‍රස්තවාදීන් කණ්ඩායමක් නිරීක්ෂණය කර ප්‍රහාර එල්ල කර ඇත. පසුව එම ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී මියගිය කොටි සාමාජිකයින් 13 දෙනෙකුගේ මළ සිරුරු සොයාගෙන ඇති අතර මියගිය අය අතර කොටි සංවිධානයේ පුපුරණ ද්‍රව්‍ය විශේෂඥයෙකු වන පරමනාථ මාස්ටර් නැමැත්තාද සිටින බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

